දේව රාජ්‍ය - ස්වර්ග රාජ්‍ය අතර වෙනස කුමක්ද?
දෙවියන්ගේ රාජ්‍ය එනම් ස්වර්ගය සැබෑවු කේන්ද්‍ර සහ යේෂුආ (යේසුස් ක්‍රිස්තුස්) ගෙනා පණිවිඩයයි. එලෝහිම්ගේ මුල් සැලැස්ම වුයේ පොළව පූර්ණකොට එය යටත් කර ගැනිමයි. (උත් 1:28) පළමු ආදාම්ට ආණ්ඩුව දෙන ලදි. එනම් රාජ්‍යයක් මුළු පොළවම පාලනය කරන පිනිස, නුමුත් ආදාම් කැරළි ගැසු අතර සාතාන් සියලු පාලන බලය ගත්තේය. අද අප මුහුණ දෙන වර්තමාන සමස්ත ලෝකයටම ඇති ගැටළු වලට හේතුවක් විය. ‘එලෝහිම්’ යෙෂුආ රාජ්‍යයේ පණිවිඩය සමග නැවත පොළව පිහිටුවා පියාණන්ට කීකරුව සිටියේය.
කෙසේ වෙතත්, මුල් දේවස්ථානයට පසු පැමිණෙන රාජ්‍යයේ පණිවිඩයෙfන් දියාරු කර ස්වර්ගය කේන්ද්‍රයක් කොට නැවත අලුත් වැඩියා කොට ඇත. මරණයෙන් පසු මිනිස්සු ‘ස්වර්ගය’ නම් ස්ථානයකට යාම පිළිබඳ බයිබලයේ නිහඬ වී ඇත. නුමුත් නුතන දේවස්ථාන පොළවේ කේන්ද්‍රය ආදරය, ණය, ඇදහිල්ල වැනි ලෝකයේ මාතෘකා කෙරෙහි අවධානය යොමු කළත් දේවස්ථානවල උගන්වන ඔවුන්ගේ අවසාන ඉරණම ස්වර්ගය වන අතර එය එලෝහිම්ගේ මුල් සැලැස්ම සහ කේන්ද්‍රය එය නොවේ. දෙවින්ගේ රාජ්‍යය මෙතැන් සිට ඇදහිලිවන්තයන් වචනය කියවනවිට දෙවියන්ගේ රාජ්‍යය ස්වර්ග රාජ්‍යය යන වචනය කියවන විට වහාම ඔවුන් තේරුම්ගන්නේ මරණයට පසු ස්වර්ග රාජ්‍යය යන බවයි. එය කෙසේ වෙතත් එලෝහිම්ගේ අභිමතය මනුෂ්‍යන්ට එය නොවේ.
බයිබලයේ ඡේද 2ක දේව රාජ්‍ය සහ ස්වර්ග රාජ්‍යය යන වෙනස් වාක්‍ය දෙක බලන්න
මතෙව් 5:3 සිතින් දිළින්දෝ ආශිර්වාද ලද්දෝය.මක්නිසාද ස්වර්ගරාජ්‍යය ඔවුන්ගේය.
ලුක් 6:20 එවිට යෙෂුආ තමන් ගෝලයන් දෙසට ඇස් ඔසවා කියනසේක්; දිළිඳුවු නුඹලා ආශිර්වාදලද්දෝය. මක්නිසාද දෙවියන්ගේ රාජ්‍යය නුඹලාගේය..
එකම ප්‍රකාශනය වෙනස් ශුභාරංචි පොත් දෙකක වෙනස් ආකාරව ලියා ඇත.
මෙම ලියවිලි දෙක කෙසේද බලමු
මතෙව් 18:4 එබැවින් මේ කුඩාදරුවා මෙන් යටත්වන කවුරු නුමුත් ස්වර්ගරාජ්‍යයෙහි ඉතා උතුම් තැනැත්තාය.
ලුක් 18:17 සැබෑවක් නුඹලාට කියමි යමෙක් දෙවියන්ගේ රාජ්‍යය ළදරුවෙකු මෙන් පිළිනොගන්නේද ඔහු කිසිසේත් එහි ඇතුල් නොවන්නේයයි කීසේක.
නැවතත් එකම දේ දෙවිදිහකට වෙනස් මාර්ගයකින් භාවිතා කර පවසයි. මතෙව් ශුභාරංචිය භාවිතා කර ඇත ස්වර්ගරාජ්‍යය, අනෙක් කතෘවරයා සෑම විටම පාචිච්චි කළේ දෙවියන්ගේ රාජ්‍යය ලෙස, වෙන විධියකින් කිව හොත් වචානුසාරයෙන් වන අතර අනේක උපමා මගින් දෙකම එක දෙයටම සමාන කර ඇත.
යොහන් බව්තීස්තගේ දේශනා කිරිම බලන්න
මතෙව් 3:1-2
ඒ දවස් වලදි යොහන් බව්තීස්ත ඇවිත් යූදයේ වනයෙහි දේශනාකරමින් සිත්හැරෙන්න; මක්නිසාද ස්වර්ගරාජ්‍යය ළඟයයි කීවේය.
ලුක් 16:16 ව්‍යවස්තාවද අනාගතවක්තෘහුද යොහන් දක්වා පැවතුණෝය. එතැන් පටන් දෙවියන්ගේ රාජ්‍යය ශුභාරංචිය දේශනා කරනු ලැබේ.
යොහන් බව්තීස්ත දේශනා කළේ කුමක්ද? ‘දෙවියන්ගේ රාජ්‍යය’ ලුක් පොතේ, මතෙව්හි ‘ස්වර්ගරාජ්‍යය’ ලෙසත් හැඳින්වේ.
යොහන් දේශනා කළේ ශුභාරංචි දෙකක්ද? යෙෂුආ දෙශනාකළේ සිත් හැරිම පාවිච්චි කළේ වෙනස් විවිධ අදහස් ඇතිව
මතෙව් පොත සහ මාර්ක් පොතේ භාවිතා කරයි
මතෙව් 4:17 එතැන් පටන් සිත්හැරෙන්න , මක්නිසාද ස්වර්ග රාජ්‍යය ළංවී තිබේය කියා දේශනාකරන්ට පටන්ගත්සේක.
මාර්ක් 1:14-15
යොහන් පාවාදෙනු ලැබුවායින් පසු යෙෂුආ ගලීලයට පැමිණ දෙවියන්ගේ ශුභාරංචිය දේශනාකරමින් ; කාලය සම්පූර්ණවිය. යාවේගේ රාජ්‍යය සමීපය සිත්හැරි ශුභාරංචිය අදහගනිල්ලායයි කීසේක.
යෙෂුආ දේශනා කළේ ශුභාරංචි දෙකක්ද? එතුමා ගෝලයන් දොළොස් දෙනා කැඳවු විට ඔවුන්ට දේශනා කිරීමට කුමක්ද? ඔවුන්ට කියන ලද්දේ
මතෙව් 10:
5 යෙෂුආ මේ දොළොස්දෙනා යවමින් ඔවුන්ට මෙසේ අණකළ සේක; කෙසේද? අන්‍ය ජාතින්ගේ කිසි මාවතකට නොගොස් සමාරියයන්ගේ කිසි නුවරකට ඇතුල් නොවී,
6 ඉශ්‍රායෙල් වංශයේ නැතිවු බැටළුවන් වෙතට යන්න.
7 නුඹලා යමින් ස්වර්ගරාජ්‍යය ළංවී තිබේය කියා දේශනාකරන්න.
ලුක් 9:
1 එකල එතුමා දොළොස්දෙනා කැඳවා සියලු යක්ෂයන් කෙරෙහිද රෝග සුවකරන්ටද බලය සහ වරය දී
2 දෙවියන්ගේ රාජ්‍යය ප්‍රකාශකරන්ටත් රෝගීන් සුවකරන්ටත් ඔවුන් යැවුසේක.
නැවතත් ඔවුන් ශුභාරංචි දෙකක් දේශනා කළාද? පිළිතුර නැත! එය විවිධ නම් වලින් හැඳින්වේ.
එක් ශුභාරංචිය පමණක් අදහස් කර සසඳා බලන විට එකම වාක්‍ය මතෙව්, ලුක් පොතේ ලියා ඇත.
මතෙව් 11:11 සැබවක් නුඹලාට කියමි: ස්ත්‍රීන්ගෙන් උපන්නවුන් අතරෙන් යොහන් බව්තීස්තට වඩා උතුම් කෙනෙක් නොනැගුටුණේය. නමුත් ස්වර්ගරජ්‍යයෙහි කුඩා තැනැත්තේ ඔහුට වඩා උතුම්ය.
ලුක් 7:28 ස්ත්‍රීන්ගෙන් උපන්නවුන් අතුරෙන් යොහන්ට වඩා උත්තමයෙක් ඇත්තේ නැතැයි නුඹලාට කියමි. එහෙත් දෙවියන්ගේ රාජ්‍යයෙහි කුඩා තැනැත්තේ ඔහුට වඩා උතුම්ය.
මතෙව් පොතේ භාවිතා කර ඇති ‘ස්වර්ගරාජ්‍යය’ යෙදුම සඳහන් කරන්නේ රාජ්‍ය පටන්ගැන්ම සහ භූගෝලිය විද්‍යාව එය මේ ලෝකයේ නොව ස්වර්ගයේ තිබේ. එනම්, ස්වර්ගයේ සිටින්නාවු දෙවියන් (Elohim) ගැන කියන ලද්දේය.
දානියෙල් 4:26 පවසන්නේ ඇරත් ගසේ මුල්වල කොටස ඉතිරි කරන්නට අණකල බැවින් ස්වර්ගය විසින් බලය පවත්වන බව දැනගත් පසු ඔබගේ රාජ්‍යය ඔබට ස්ථීර වන්නේය. නමුත් අහසේ ක්‍රියා නොකරයි. නමුත් එහි වාසය කරන දෙවියන් ගැන සඳහන් වේ.
ලුක් 15:18 නාස්ති කාරයාගේ උපමාවයි. ‘මම නැගිට මාගේ පියාණන් ළඟට ගොස්; පියාණෙනි, ස්වර්ගයට විරුද්ධවද ඔබ ඉදිරියෙහිද පව්කෙළෙමි.
පුත්‍රයා ස්වර්ගයට විරුද්ධව පව් කළේ නැත යාවේට විරුද්ධව පව් කෙළේය. මෙය යුදාවරුන්ගේ පොදුවේ කියන සංස්කෘතික වාග් උපමායකි. ‘එලෝහිම්ගේ’ ‘ස්වර්ගය හෝ ස්වර්ගිය’ ලෙස නිතර කියනු ලැබේ.
2 තිමෝති 4:8 දෙවියන්ගේ රාජ්‍යය ‘ස්වර්ගිය රාජ්‍යයක්’ ලෙස හඳුන්වන්නේ එබැවිනි.
මතෙව් පොතේ ස්වර්ග රාජ්‍යය සඳහන් වන සෑම අවස්ථාවකම අනික් ශුභාරංචි පොත් වල දෙවියන්ගේ රාජ්‍යය ගැන අර්ථය දී ඇති බව පහත සඳහන් වේ.
| ස්වර්ග රාජ්‍යය |
දේව රාජ්‍යය |
| මතෙව් 13:11 |
මාර්ක් 4:31, ලුක් 8:10 |
| මතෙව් 13:31 |
මාර්ක් 4:30,31 ; ලුක් 13:18-19 |
| මතෙව් 13:33 |
ලුක් 13:20-21 |
| මතෙව් 19:14 |
මාර්ක් 10:14 ; ලුක් 18:16 |
මතෙව් ශුභාරංචි පොතේ එක් තැනක ‘ස්වර්ග රාජ්‍යය’ සහ දෙවියන්ගේ රාජ්‍යය ලෙස භාවිතා කර ඇත. මතෙව් 19:23-24 මෙම බයිබලයේ දෙවිදිහක අදහස ගෙන දෙන බව පෙන්නුම් කරයි. පටන් ගැන්ම සහ හිමිකරු වෙනත් වචනවලින් කිවහොත් දෙවියන්ගේ රාජ්‍යය (එලෝහිම්) කියන විට එය කාගේ රාජ්‍යයද යන්නද ඒ මොහෝතේම ‘ස්වර්ගරාජ්‍යය’ කියන විට ආරම්භය කුමක්ද යන්න සඳහන් වේ. එනම් පටන්ගැන්ම නැතහොත් භූගෝලිය විද්‍යාව පිහිටා ඇති ස්ථානය සඳහන් කරයි.
මතෙව්19:
23 එවිට යෙෂුආ ගෝලයනට කථා කොට සැබෑවක් නුඹලාට කියමි ධනවතෙකුට ස්වර්ගරාජ්‍යයට ඇතුල් වීම අමාරුය.
24 නැවත් නුඹලාට කියමි ධනවතෙක් දෙවියන්ගේ රාජ්‍යයට ඇතුල්වෙනවාට වඩා ඔටුවෙකුට ඉඳිකටුවක සිඳුරෙන් යන්ට පහසුයයි කීසේක.
නමුත් මාර්ක්, ලුක් සමාන්තරව ශුභාරංචිය පොතේ වාක්‍ය දෙකම ‘දෙවියන්ගේ රාජ්‍යය’ පමණ භාවිතා කර ඇත.
මාර්ක් 10: 24-25
24 ගෝලයන් එතුමාගේ වචනවලට විස්මපත් වූවෝය. නමුත් යෙෂුආ නැවතත් උත්තරදෙමින් දරුවෙනි වස්තුව කෙරෙහි විශ්වාස කරන්නන්ට දෙවියන්ගේ රාජ්‍යයට ඇතුල්වීම කොපමණ අමාරුද!
25 ධනවතෙකු ස්වර්ගරාජ්‍යයට ඇතුල්වීමට වඩා ඉඳිකටු සිඳුරෙන් ඔටුවෙකුට යන්ට පහසුයයි කීසේක.
ලුක් 18:24-25
24 යෙෂුආ ඔහු දෙස බලා කියන සේක් වස්තු ඇති අය දෙවියන්ගේ රාජ්‍යයට අතුල්වෙන්නේ කොපමණ අමාරුවෙන්ද!
25 ධනවතෙකු දෙවියන්ගේ රාජ්‍යයට ඇතුල්වීමට වඩා ඉඳිකටුවක සිඳුරෙන් ඔටුවෙකුගේ ගමන පහසුයයි කීසේක.
අවසාන වශයෙන් මෙම පද දෙකම සමාන පදවේ. දෙවියන්ගේ රාජ්‍යය යනු යෙෂුආ දේශනාකළ දෙවියන්ගේ රාජ්‍යය (එලෝහම්) යන්නෙන් විශේෂයෙන් අදහස් කරන්නේ එය කාගේ රාජ්‍යයද යන්නයි; ‘ස්වර්ගරාජ්‍යය’ යන යෙදුම එය කොහේද යන්න, අදහස් කරයි. රාජ්‍යය ආරම්භය හෝ භූගෝලය එය ස්වර්ගයේ පිහිටිම මිස ලෝකයේ නොවේ.